What is Meta Rights Manager?
Meta Rights Manager
මොකක්ද මේ "Meta Rights Manager" කියන්නේ? මොනවද මේකෙන් කරගන්න පුළුවන්?
Meta Rights Manager කියන්නෙ මොකක්ද?
ඔයා content creator කෙනෙක්නම් ඔයාගේ original contents Facebook සහ Instagram platforms දෙක ඇතුලේ ආරක්ෂා කරලා දෙන එක තමයි සරලවම මේ tool එකෙන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ Video එකක්, Image එකක් හෝ Audio track එකක් වෙන කෙනෙක් re-use කරනවනම්, අවභාවිතා කරනවනම් බුද්ධිමය දේපළ (Intellectual Property) යටතේ ඔයාගේ copyrighted contents ආරක්ෂා කරගන්න මේ tool එක ප්‍රයෝජනවත් වෙනවා.
කළ හැකි දෑ:
ප්‍රධාන වශයෙන්,
Meta Rights Manager කියන්නෙ මොකක්ද?
ඔයා content creator කෙනෙක්නම් ඔයාගේ original contents Facebook සහ Instagram platforms දෙක ඇතුලේ ආරක්ෂා කරලා දෙන එක තමයි සරලවම මේ tool එකෙන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ Video එකක්, Image එකක් හෝ Audio track එකක් වෙන කෙනෙක් re-use කරනවනම්, අවභාවිතා කරනවනම් බුද්ධිමය දේපළ (Intellectual Property) යටතේ ඔයාගේ copyrighted contents ආරක්ෂා කරගන්න මේ tool එක ප්‍රයෝජනවත් වෙනවා.
කළ හැකි දෑ:
ප්‍රධාන වශයෙන්,
- මේ Tool එකේදි ප්‍රධාන වශයෙන් ඔයාට unauthorized uploads ඉවත් කරගන්න (Takedown) හැකියාව ලැබෙනවා. සරලවම කීවොත් Facebook, Instagram platforms වල ඔයාගේ content එකක් අවසරයකින් තොරව කෙනෙක් upload කරලා තියෙනවානම්/ඔයාගෙ content එක අවභාවිතා කරනවනම් ඒවා පහසුවෙන්ම ඉවත් කරගන්න ඔයාට පුළුවන්.
- ඒවගේම Unauthorized uploads 'Block' කරගන්නත් අවස්ථාව ලැබෙනවා.
- වටිනම දේ, මේකෙදි ඔයාට ඔයාගේ original contents 'Monetize' කරන්න පුළුවන්. සරවම ඔයාගේ content එකක් තවත් කෙනෙක් upload කරලා monetize කරලා තියෙනවනම් අදාළ revenue එක මෙතනදි ඔයාට ගන්න පුළුවන්. 'YouTube Content ID' වගේ තමයි.
- ප්‍රධාන වශයෙන්ම සැලකිය යුතු මට්ටමක audience එකක් ඉන්න creator කෙනෙකුටනම් වැදගත්ම feature එක විදිහට මම දකින්නේ 'monetize' කරන්න හැකියාව ලැබීම. මොකද, Facebook වගේ platform එකක re-use වීම සාපේක්ෂව වැඩියි සහ නොවැළැක්විය හැකි තත්වයක තියෙන නිසා.
- Overall, Tool එකක් වශයෙන් ගත්තොත් හොඳ මට්ටමක තියෙනවා. Dashboard එක user friendly, Features ටිකෙන් වැඩක් ගන්න පුළුවන්. (Copyright management වගේම පෞද්ගලිකව මම analytical වැඩ වලටත් මේක උපයෝගී කරගන්නවා) Review වෙන්න යන කාලය සාපේක්ෂව අඩුයි (බොහෝ අවස්ථා වලදී). ඒ වගේම මෑත කාලීනව ආපු limitations නිසා මේ tool එක misuse වෙන එකත් බොහෝ දුරට අඩු වෙලා තියෙනවා.
- මම දැනට අවුරුදු 2ක විතර කාලයක ඉදන් මේ tool එක භාවිතා කරනවා. ඉතින් මේ කාල සීමාව ඇතුලේ දැකපු ගැටළු ගත්තොත් 'bugs' සාපේක්ෂව වැඩියි. මේ වෙනතුරුත් ඇතැම් bugs fix වෙලා නැහැ. ඒ වගේම තවමත් මේ tool එක expand වෙලා නැති එකත් දුර්වලතාවයක්. මොකද මේක අවශ්‍යම creatorsලාටත් තවමත් මේකට access ලබාගන්න බැරිවෙලා තියෙනවා. කෙසේ නමුත් නුදුරේදීම positive update එකක් බලාපොරොත්තු වෙමු.
ඉතින් මේ tool එක Videos, Images හෝ Audio සඳහා වෙන වෙනම apply කළ යුතුයි. එක page එකකට ගන්න පුළුවන් එක type එකක features විතරයි. උදාහරණයක් ගත්තොත් ඔයාට අවශ්‍ය ඔයාගෙ Videos protect කරගන්නනම් ඔයා apply කරන්න ඕන 'Video' යටතේ. එතකොට ඔයාට ලැබෙන්නේ Video protection වලට අදාළ features. (මේකෙන් ඔයාට image content එකක් takedown කරන්න බැහැ)
ඔයාටත් මේ ලින්ක් එකෙන් ගිහින් access request කරන්න පුළුවන් : https://www.facebook.com/rights_manager/verify/
Join the conversation